ආසියානු කුසලාන ඉතිහාසයේ වැඩිම ලකුණුලාභීන් 10 දෙනා

Date:

16 වැනි ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට තවත් ඉතිරිව ඇත්තේ දින කිහිපයක් පමණයි.

තරගාවලිය අගෝස්තු 30 වැනිදා සිට සැප්තැම්බර් 17 වැනිදා දක්වා පාකිස්තානයේදී හා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතව ඇත්තේ එක්දින තරග රටාවට අනුවයි.

එක්දින තරග රටාවෙන් මේ වන විට ආසියානු කුසලාන තරගාවලි 13 ක් පවත්වා ඇති අතර, 20යි 20 තරග රටාවෙන් පවත්වා ඇති තරගාවලි ප්‍රමාණය 2ක්.

එක්දින ආසියානු කුසලාන තරගාවලි 13 න් තරගාවලි 6 ක් ඉන්දියාව විසින් ජය ගෙන තිබෙනවා. ශ්‍රී ලංකාව ජය ගෙන ඇති තරගාවලි ප්‍රමාණය 5 ක්. පාකිස්තානය අවස්ථා දෙකකදී ආසියානු කුසලානය හිමි කර ගත්තා.

මෙම ලිපියෙන් අප අවධානය යොමු කරන්නේ ආසියානු කුසලාන එක්දින තරගාවලි ඉතිහාසයේ වැඩිම ලකුණුලාභීන් 10 දෙනා පිළිබදවයි.

  1. සනත් ජයසූරිය (ශ්‍රී ලංකාව) – ඉනිම් 24, ලකුණු 1220, සාමාන්‍ය 53
  2. කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව) – ඉනිම් 23, ලකුණු 1075, සාමාන්‍ය 49
  3. සචින් තෙන්ඩුල්කාර් (ඉන්දියාව) – ඉනිම් 21, ලකුණු 971, සාමාන්‍ය 51
  4.  ෂොයිබ් මලික් (පාකිස්තානය) – ඉනිම් 15, ලකුණු 786, සාමාන්‍ය 66
  5. රෝහිත් ෂර්මා (ඉන්දියාව) – ඉනිම් 21, ලකුණු 745, සාමාන්‍ය 47
  6. අර්ජුන රණතුංග (ශ්‍රී ලංකාව) – ඉනිම් 19, ලකුණු 741, සාමාන්‍ය 57
  7. මුෂ්ෆිකර් රහීම් (බංග්ලාදේශය) – ඉනිම් 21, ලකුණු 699, සාමාන්‍ය 37
  8. මහේල ජයවර්ධන (ශ්‍රී ලංකාව) – ඉනිම් 26, ලකුණු 674, සාමාන්‍ය 29
  9. මහේන්ද්‍ර සිං දෝනි (ඉන්දියාව) – ඉනිම් 16, ලකුණු 648, සාමාන්‍ය 65
  10. අරවින්ද ද සිල්වා (ශ්‍රීලංකාව) – ඉනිම් 22, ලකුණු 645, සාමාන්‍ය 32

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...