ප්‍රබලයින් තිදෙනෙකුට ආසියානු කුසලානය අහිමි වෙයි

Date:

ආබාධවලට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයින් තිදෙනෙකුට එළඹෙන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

අප මීට පෙර ද වාර්තා කළ පරිදි වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට මෙවර ආසියානු කුසලාන තරගාවලියේ ද සියලු තරග අහිමි වී ඇති අතර, තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගට ද තරගාවලියේ තරග රැසක් අහිමි වීමට නියමිතයි.

ඊට අමතරව වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර ද ආබාධයකට ලක්ව තිබෙනවා. ඒ අනුව ඔහුට ද ආසියානු කුසලාන තරගාවලිය අහිමි වනු ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුවේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සදහන් කළේ.

වනිදු හසරංග පාදයක ආබාධයකට ලක් වුණේ මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් වටයේ තෙවැනි තරගය අතරතුර දී යි. ආබාධය නිසා ඔහුට අවසන් තරගය ද ක්‍රීඩා කිරීමට හැකි වූයේ නැහැ.

ඔහුගේ ආබාධය සුව වීම සදහා සති 3-4 ත් අතර කාලයක් ගත වනු ඇති බව මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා කියා සිටියා. ඒ අනුව වනිදු හසරංග සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසුවුවහොත් පමණක් ඔහුට ආසියානු කුසලාන තරගාවලියේ අවසන් අදියරේ තරග කිහිපයක් ඇතැම් විට ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති.

කෙසේ වෙතත්, මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පෙන්වා දෙන්නේ ලෝක කුසලාන තරගාවලියට කෙටි කාලයක් පවතින බැවින් වනිදු හසරංග ආසියානු කුසලාන තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කරවීමට සලස්වා අවධානමක් ගැනීමට නොහැකි බවයි.

දුෂ්මන්ත චමීරට හා ලහිරු කුමාරට ආසියානු කුසලාන තරගාවලිය අහිමි වීමට නියමිතව ඇති නමුත්, ඔක්තෝබර් 5 වැනිදා ඉන්දියාවේ දී ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ඔවුන් දෙදෙනාට ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති බවට විශ්වාස කෙරෙනවා.

ආසියානු කුසලාන තරගාවලිය එළඹෙන 30 වැනිදා සිට සැප්තැම්බර් 17 වැනිදා දක්වා පාකිස්තානයේ දී හා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතයි.

මේ අතර, කොවිඩ් 19 ආසාදනය වූ කුසල් පෙරේරාට හා අවිශ්ක ප්‍රනාන්දුට ආසියානු කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුවේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...