අයි.සී.සීය ක්‍රිකට් තහනම පනවා ඇත්තේ SLC ඉල්ලීමකට අනුව – cricinfo හෙළි කරයි

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවීමට ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) අද(10) තීරණය කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කළ ඉල්ලීමකට අනුව බව cricinfo වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

මෙම අත්හිටුවීම ක්‍රිකට් ආයතනයට තවදුරටත් රජයේ මැදිහත් වීම් සිදුවීම වැළැක්වීම අරමුණු කර ගනිමින් සිදු කරන අනතුරු ඇගවීමක් බවයි එම වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

ශ්‍රී ලංකාවට දෙසැම්බර් මාසය වන තුරු තරග නොමැති බැවින් මෙම අත්හිටුවීම හේතුවෙන් ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක් මේ මොහොතේ එල්ල වන්නේ ද නැහැ.

ජනවාරි මාසය වන තුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත අයි.සී.සීයෙන් අරමුදල් ලබා දීමට ද නොමැති බැවින් මුදල් සම්බන්ධයෙන් ද ගැටලුවක් මේ මොහොතේ ඇති වන්නේ නැහැ.

එළඹෙන 18 වැනිදා සිට 21 වැනිදා දක්වා අයි.සී.සී රැස්වීමක් ඉන්දියාවේ අහ්මදාබාද් හී දී පැවැත්වීමට නියමිත අතර, එහිදී ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කර තීන්දු තීරණ ගැනීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා තවදුරටත් මෙරට නියෝජිතයෙකු ලෙස අයි.සී.සීය පිළිගන්නා අතර, එළඹෙන අයි.සී.සී රැස්වීමට ද ඔහු එක් වනු ඇති. කෙසේ වෙතත්, එම රැස්වීමට ශ්‍රී ලංකාවට එක්වීමට සිදු වන්නේ නිරීක්ෂණ මට්ටමෙන් පමණයි.

නිවේදනයක් නිකුත් කරමින් අයි.සී.සීය අද සදහන් කළේ ක්‍රිකට් ආයතනයේ කටයුතු ස්වාධීනව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය හා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ පාලනය, නියාමනය සහ/හෝ පරිපාලනය සඳහා රජයේ මැදිහත්වීමක් සිදු නොවන බවට සහතික වීමට නොහැකි වීම හේතුවෙන් අද රැස් වූ අයි.සී.සී මණ්ඩලය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවීමට පියවර ගත් බවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...