රට පාවා දී හෝ ඔවුන් බලයේ ඉන්න හදනවා – ක්‍රීඩා ඇමති ක්‍රිකට් තහනම ගැන කතා කරයි

Date:

රට පාවා දී හෝ බලයේ රැදී සිටීමට වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් පියවර ගනිමින් සිටින බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.

අයි.සී.සී මණ්ඩලය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවීමට පියවර ගැනීම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා ඒ බව සදහන් කළා.

මෙම තහනම අයි.සී.සීයට පැනවීමට අවශ්‍ය වූ තහනමක් නොවන බවත්, ක්‍රිකට් ආයතනයේ බළධාරීන් විසින්ම සිදු කළ තවත් ක්‍රියාවක් බවත්, අමාත්‍යවරයාගේ අදහසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවීමට ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) අද තීරණය කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කළ ඉල්ලීමකට අනුව බව cricinfo වෙබ් අඩවිය ද වාර්තා කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් අයි.සී.සීය අද සදහන් කළේ ක්‍රිකට් ආයතනයේ කටයුතු ස්වාධීනව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය හා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ පාලනය, නියාමනය සහ/හෝ පරිපාලනය සඳහා රජයේ මැදිහත්වීමක් සිදු නොවන බවට සහතික වීමට නොහැකි වීම හේතුවෙන් මෙම අත්හිටුවීම පැනවූ බවයි.

ශ්‍රී ලංකාවට එරෙහි තහනමට හේතු අයි.සී.සීය විසින් ඉදිරිපත් කිරීමෙන් පසුව තහනම ඉවත් කර ගැනීම සදහා අවශ්‍ය අභියාචනයක් යොමු කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

එලෙස මෙම ගැටලුවට සාධාරණයක් ඉටු නොවුණහොත් ජාත්‍යන්තර අධිකරණය හමුවට යාමට වුව පසුබට නොවන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...