චමරිගේ අනර්ඝ ඉනිම අවසන් මොහොතේ අපතේ යයි – Match Report

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සමගාමීව මෙවරත් පැවැත්වෙන කාන්තා පන්දුවාර 20යි 20 අභියෝගතා ක්‍රිකට් තරගාවලිය (Women’s T20 Challenge) ආරම්භ කරමින් අද පැවැති පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට වෙලෝසිටි කණ්ඩායම සමත් වුණා.

සාජාහි පැවැති තරගයෙන් ඔවුන් හමුවේ පරාජයට පත් වූයේ සුපර්නෝවස් කණ්ඩායමයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සුපර්නෝවස් කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 126ක් ලබා ගත්තා.

ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වූ චමරි අතපත්තු පන්දු 39කින් ලකුණු 44ක් රැස් කළේ හයේ පහර 2ක් සහ හතරේ පහර 2ක් සමගින්.

ශෂිකලා සිරිවර්ධන ද ලකුණු 18ක් ලබා ගත් අතර, නායිකා හර්මන්ප්‍රීට් කෝවුර් ලකුණු 31යි.

පන්දු යැවීමේ දී එක්ටා බිෂ්ට් ලකුණු 22කට කඩුලු 3ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ වෙලෝසිටි කණ්ඩායම පන්දුවාර 19.5ක් අවසානයේ කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

Sune Luus නොදැවී ලකුණු 37ක් සහ ශුෂ්මා වෙර්මා ලකුණු 34ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී අයබොන්ගා කාකා ලකුණු 27කට කඩුලු 2ක් බිද හෙලූ අතර, ශෂිකලා සිරිවර්ධන ලකුණු 30කට එක් කඩුල්ලක බිද ‍හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...