Lunch Report : මදුෂ්කගේ 202* හා මෙන්ඩිස්ගේ 160* ශ්‍රී ලංකාව තවදුරටත් ශක්තිමත් කරයි

Date:

ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අදයි(27).

දිනය ආරම්භ කරන විට ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවී ලකුණු 357 ක් ලබා සිටි අතර, දිවා ආහාරය සදහා තරගය නතර කරන විට ඔවුන් එක් කඩුල්ලක් දැවී ලකුණු 489 ක් ලබා සිටියා.

සිය මංගල ශතකය තම මංගල ද්විත්ව ශතකය බවට පරිවර්තනය කළ නිශාන් මදුෂ්ක පන්දු 328 කින් ලකුණු 202 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. හයේ පහරක් හා හතරේ පහර 22 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

කුසල් මෙන්ඩිස් අද වාර්තා කළේ සිය 9 වැනි ටෙස්ට් ශතකයයි. ඔහු හයේ පහර 8 ක් හා හතරේ පහර 10 ක් සමගින් මේ වන විට පන්දු 212 කින් ලකුණු 160 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් දිමුත් කරුණාරත්න ලකුණු 115 ක් රැස් කළා. ඔහු කර්ටිස් කැම්පර් යොමු කළ පන්දුවක් හමුවේ Matthew Humphreys අතට උඩ පන්දුවක් ලබා දෙමින් ඊයේ දැවී ගියා.

අද දිනය ආරම්භයේ සිට දිවා ආහාරය දක්වා වූ කාලයේ දී ශ්‍රී ලංකාව පන්දුවාර 35 කදී කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 132 ක් වාර්තා කිරීමට සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්තය සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 492 ක් රැස් කළා. ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 3 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...