විලියම්සන්ට නවසීලන්තයෙන් උපදේශක තනතුරක් ?

Date:

නවසීලන්ත සුපිරි පිතිකරු හා නායක කේන් විලියම්සන් මේ වන විට ආබාධයකට ලක්ව ශල්‍යකර්මයකට මුහුණ දී සිටින නමුත්, ඔහුව 2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා සම්බන්ධ කර ගැනීමට නවසීලන්ත ක්‍රිකට් කළමනාකාරීත්වය තවදුරටත්  අපේක්ෂාවෙන් පසුවනවා.

ක්‍රීඩකයෙකු ලෙස ඔහුට තරගාවලියට එක්වීමට නොහැකි වුවහොත් ඔහුව කණ්ඩායමේ උපදේශකවරයෙකු වශයෙන් හෝ නවසීලන්ත කණ්ඩායම සමඟ ඉන්දියාවට පිටත් කර හැරීමටයි එරට ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇත්තේ.

පාකිස්තානය සමඟ අද (27) ආරම්භ වීමට නියමිත තරග 5කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියට පෙර පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් නවසීලන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ගැරී ස්ටීඩ් මේ  බව සඳහන් සදහන් කළා.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේදී පන්දු රකිමින් සිටිය දී ඔහුගේ දකුණු දණහිසෙහි ආබාධයක් සිදු වුණා.

ඒ හේතුවෙන් විලියම්සන්ට මෙවර අයි පී එල් තරගාවලියෙන්ම ඉවත්වීමට සිදුවූ අතර ඔහුට පසුව ශල්‍යකර්මයකට ද මුහුණ දීමට සිදු වුණා.

ඒ හේතුවෙන් ඔක්තෝබර් – නොවැම්බර් මාසවලදී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩකයෙකු ලෙස ඔහුගේ සහභාගිත්වය බොහෝ දුරට අවිනිශ්චිත වී තිබෙනවා.

කෙසේ වෙතත්, ඔහුව ලෝක කුසලාන තරගාවලිය සදහා නවසීලන්ත සංචිතයෙන් මෙතෙක් ඉවත් කර නොමැති බවයි නවසීලන්ත පුහුණුකරු වැඩිදුරටත් සඳහන් කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...