ජැෆ්නා ස්ටැලියන්ස් ලාංඡනය සංශෝදනය කෙරේ

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ ලාංඡනය (Logo) සංශෝදනය කර තිබෙනවා.

ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ සම හිමිකරුවෙකු ලෙස තාක්ෂණික ව්‍යවසායකයෙකු වන Microsoft Ventures හි නිර්මාතෘ සහ Unikrn නම් ඊ ක්‍රීඩා සමාගමේ (esports entertainment platform) සම නිර්මාතෘ රාහුල් සූද් එක්වීමෙන් පසුවයි මෙලෙස නව ලාංඡනයක් එළි දැක්වීමට පියවර ගෙන ඇත්තේ.

නව සන්නාම අනන්‍යතාවයක් නිර්මාණය කිරීම සදහා ඔහු අලෙවිකරණ කණ්ඩායම සමග සමීපව කටයුතු කළ බවයි ජැෆ්නා ස්ටැලියන්ස් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක් වුණේ.

“රාහුල්ගේ නවෝත්පාදනයන් සහ ක්‍රීඩාවේ ඉදිරි චින්තනය මෙන්ම ජාත්‍යන්තර වෙළඳනාම ගොඩනැගීම අතිවිශිෂ්ඨයි” යනුවෙන් යාපනය කණ්ඩායමේ ප්‍රධාන උපාය මාර්ග නිළධාරී (Chief Strategy Officer) ආනන්දන් ආර්නෝල්ඩ් මහතා සදහන් කළා.

මේ අතර, ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ සම හිමිකරුවෙකු ලෙස එක්වීමට ලද අවස්ථාව සම්බන්ධයෙන් රාහුල් සූද් පසුගියදා කැනේඩියානු පුවත් සේවයට [Canadian Press (CP) news agency] අදහස් දක්වා තිබුණා.

“ක්‍රිකට් ලෝලීන් කී දෙනෙක් සිටිනවා ද කියලා විශ්වාස කළ නොහැකියි” ඔහු සදහන් කළා. “ශ්‍රී ලංකාව තමන්ගේම ලීගයක් වන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය දියත් කරන බව දුටු විට මට එය විශ්වාස කළ නොහැකි වුණා. මම අදහස් කළේ මේක ජීවිත කාලයටම ලැබුණු එක් අවස්ථාවක් වගේ.”

Brindon Bagirathan විසින් ද ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ සම හිමිකාරීත්වය දරනු ලබන අතර, ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස තිළිණ කණ්ඩම්බි කටයුතු කරනවා.

කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ තිසර පෙරේරායි.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට තරග වදින දඹුල්ල සහ මහනුවර කණ්ඩායම්වල ලාංඡන ද සංශෝදනය කිරීමට මීට පෙර පියවර ගැණුනා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...