තවත් කොදෙව් සුපිරි පිතිකරුවෙක් ස්ටැලියන්ස් කණ්ඩායමට

Date:

එළඹෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමේ අරමුණින් බටහිර ඉන්දීය කොදෙව් කඩුලු රකින පිතිකරු ජොන්සන් චාර්ල්ස් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමග ගිවිසුම් අත්සන් කර තිබෙනවා.

එම කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටි රවී බොපාරා තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කිරීම හේතුවෙනුයි ඔහු ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමග මෙලෙස ගිවිසුම් අත්සන් කර ඇත්තේ.

ඒ අනුව ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ හයවැනි විදෙස් ක්‍රීඩකයා ජොන්සන් චාර්ල්ස් වනු ඇති.

ආරම්භක පිතිකරුවෙකු වන ජොන්සන් චාර්ල්ස් 2012 සහ 2016 වසරවල 20යි 20 ලෝක ශූරතා ජය ගත් කොදෙව් කණ්ඩායමේ ද ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කළා.

ඔහු මේ වන විට තරගාවලියට එක්වීම සදහා කොදෙව් ක්‍රිකට් ආයතනය විසින් අවසර ලබා දෙන තුරු (NOC) අපේක්ෂාවෙන් පසුවනවා.

එළඹෙන 25 වනදා ජොන්සන් චාර්ල්ස් දිවයිනට ළගා වීමට නියමිත බවයි ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම නිවේදනය කළේ.

එසේ පැමිණීමෙන් පසුව නිරෝධායන කාලසීමාවක් ද ගත කිරීමට ඔහුට සිදුවන බැවින් ඔහුට මෙවර එල්.පී.එල් තරගාවලියේ තරග කිහිපයක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද අහිමිව යනු ඇති.

ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම මෙවර තරග වාරය යටතේ ක්‍රීඩා කරන පළමු තරගය ලබන 27 වනදා ගාලු කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...