LPL නිසා ඇලෙක්ස් හේල්ස්ට Blast තරග හයක් අහිමි වෙයි

Date:

එංගලන්ත පිතිකරු ඇලෙක්ස් හේල්ස්ට බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන 2024 අන්තර් ප්‍රාන්ත විස්සයි 20 තරගාවලිය (Vitality Blast) යටතේ Nottinghamshire කණ්ඩායම ක්‍රීඩා කරන තරග හයක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ක්‍රීඩා කිරීම සදහා ගිවිසුම්ගත වීමත් සමගයි.

විස්සයි 20 ලෝක ශූරතාවය දිනූ ක්‍රීඩකයෙකු වන හේල්ස් පසුගිය වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගත් නමුත්, ලොව පුරා බොහෝ ලීග් තරගාවලි සදහා ඔහු ක්‍රීඩා කරනු දක්නට ලැබෙනවා.

ඔහු පසුගිය මාසයේ දී යි Nottinghamshire කණ්ඩායම සමග සිය කොන්ත්‍රාත් ගිවිසුම දීර්ඝ කිරීම සදහා අත්සන් තැබුවේ.

2024 LPL තරගාවලිය ජූලි පළමු වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර, එම තරගාවලියේ තරග කාලසටහන, බ්‍රිතාන්‍යයේ ප්‍රාන්ත විස්සයි 20 තරගාවලිය සමග මෙන්න ඇමෙරිකාවේ MLC ක්‍රිකට් තරගාවලිය සමග ඝට්ටනයක් සිදු වනවා.

LPL තරගාවලියේ දී ඇලෙක්ස් හේල්ස් තරගාවලියට අලුතින් එක්වන Galle Marvels කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීම සදහායි මේ වන විට ගිවිසුම්ගත වී සිටින්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...