ලකුණු 117 ක ජයක් සමග එක්දින තරගාවලියේ ජය ඇෆ්ඝනිස්තානයට

Date:

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගැනීමට ඇෆ්ඝනිස්තාන කණ්ඩායම සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති තෙවැනි හා අවසන් එක්දින තරගයෙන් ලකුණු 117 ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

සාජාහී දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය කඩුලු 9ක් දැවී ලකුණු 236 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්තයට පන්දුවාර 35 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 119 ක් පමණයි.

නායක පෝල් ස්ටර්ලින්ග් ලකුණු 50 ක් හා කර්ටිස් කැම්පර් ලකුණු 43 ක් ලබා ගත් නමුත් සෙසු කිසිදු පිතිකරුවෙකු ලකුණු 10 සීමාව හෝ පසු කර ගියේ නැහැ.

පන්දු යැවීමේ දී මොහමඩ් නබී ලකුණු 17 කට කඩුලු 5ක් දවා ගත් අතර, මෙම තරගයේ දී එක්දින වරම් දිනූ Nangeyalia Kharote ලකුණු 30 කට කඩුලු 4ක් දවා ගත්තා.

පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය ‌වෙනුවෙන් හෂ්මතුල්ලාහ් ශහීඩි ලකුණු 69 ක් රැස් කළ අතර, රහ්මනුල්ලාහ් ගුර්බාස් ලකුණු 51 ක් රැස් කළා. මොහමඩ් නබී ලකුණු 48යි.

පන්දු යැවීමේ දී මාර්ක් අඩයර් ලකුණු 51 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...