LPL දේශීය විකාශන අයිතිය හිමි වූ නාලිකාව මෙන්න

Date:

ලංකා ප්‍රීමියර් ලීග් හෙවත් එල්.පී.එල් ක්‍රිකට් තරගාවලියේ දේශීය රූපවාහිනී සහ ගුවන් විදුලි විකාශන අයිතිය ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට හිමිව ඇති බවට වාර්තා පල වනවා.

ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ වසන්තම් TV රූපවාහිනී නාලිකාව ඔස්සේ තරගාවලිය සජීවීව විකාශය කෙරෙන බව සදහන්.

ITN නාලිකාව ඔස්සේ ද වැඩසටහන් අතරතුර සජීවීව තරග විකාශය සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ලක්හඬ සහ වසන්තම් FM යන ගුවන් විදුලි නාලිකා ඔස්සේ ද එල්.පී.එල් තරගාවලියේ සජීවී විස්තර විචාරය ගෙන ඒමට නියමිතයි.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල නිවේදනයක් නිකුත් කර නැහැ.

මෙවර පළමු වරට පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ලබන 26 වැනිදා සිට දෙසැම්බර් 16 වැනිදා දක්වා හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...