ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකා සංචාරයට වැඩ අල්ලයි

Date:

එළඹෙන දකුණු අප්‍රිකා තරග සංචාරය අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම එළ‍ෙඹන 13 වනදා සිට පුහුණු කදවුරකට සහභාගී වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ක්‍රීඩකයින් 22 දෙනෙකු එක්වන මෙම පුහුණු කදවුර මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී දින 10ක් පැවැත්වීමට නියමිතයි.

ජෛව ආරක්ෂිත පරිසරයක් තුළ මෙම පුහුණු කදවුර පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

පුහුණු කදවුර අවසන් වීමෙන් පසුව ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්වන ක්‍රීඩකයින් හම්බන්තොට දක්වා ද, සෙසු ක්‍රීඩකයින් කොළඹ බලා ද ලබන 22 වනදා පිටත්ව යනු ඇති.

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම දෙසැම්බර් 17 වනදා, එනම් එල්.පී.එල් තරගාවලිය අවසන් වීමෙන් දිනකට පසුව දකුණු අප්‍රිකාව බලා පිටත්ව යන්නේ ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට අයත් වන ටෙස්ට් තරග දෙකක් ක්‍රීඩා කිරීම සදහායි.

දකුණු අප්‍රිකා තරග සංචාරයට අදාළ තරග කාලසටහන පසුගිය 27 වනදා එරට ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව සාම්ප්‍රදායික බොක්සිං දින ටෙස්ට් තරගය දෙසැම්බර් 26 වනදා ආරම්භ වන්නේ සෙන්චූරියන්හි සුපර් ස්පෝර්ට් පාර්ක් ක්‍රීඩාංගනයේ දී යි.

දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය ලබන වසරේ ජනවාරි 3 වනදා ජොහැනස්බර්ග්හී දී ආරම්භ වනු ඇති.

තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම දෙසැම්බර් 20 වනදා සිට 22 වනදා දක්වා තෙදින පුහුණු තරගයකට ද එක්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...