LPL තරග කාලසටහන සංශෝදනය කෙරේ

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන යළි සංශෝදනය කර තිබෙනවා.

ඒ අනුව තරගාවලියේ පළමු තරගය ලබන 21 වනදා කොළඹ කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

මීට පෙර පළමු තරගය කොළඹ කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතරයි පැවැත්වීමට නියමිතව තිබුණේ.

ඒ අනුව එම තරගය (කොළඹ කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර) තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ලබන 22 වනදා පැවැත්වෙනු ඇති.

කොළඹ සහ ගාල්ල කණ්ඩායම් අතර තරගයක් ලබන 23 වනදා ද පැවැත්වීමට මීට පෙර පැවැති තරග කාලසටහනට අනුව නියමිතව තිබූ නමුත්, එම තරගය අදාළ දිනයෙන් මේ වන විට ඉවත් කර තිබෙනවා.

නව කාලසටහනට අනුව කොළඹ කණ්ඩායමට එදින කිසිදු තරගයක් ක්‍රීඩා කිරීමට නැහැ.

ඊට අමතරව තරගාවලියේ මූලික වටයේ තරග පැවැත්වෙන අවසන් දිනයේ තරග ද සංශෝදනය කර තිබෙනවා.

මීට පෙර එදින(දෙසැම්බර් 9 වනදා) පැවැත්වීමට නියමිතව තිබුණේ දඹුල්ල – මහනුවර සහ ගාල්ල – යාපනය අතර තරගයයි.

නව කාලසටහනට අනුව එදින පැවැත්වෙන්නේ කොළඹ – ගාල්ල සහ දඹුල්ල – යාපනය අතර තරගයයි.

නව තරග කාලසටහන පහතින් –

SLC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...