සයිනි හෙට තරගයට අවිනිශ්චිතයි – ඉසුරුට හෙට අවස්ථාවක් හිමි වේවිද ?

Date:

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නව්දීප් සයිනිට හෙට(28) මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වීමේ අවධානමක් මතුව තිබෙනවා.

ඒ, පසුගියදා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමග පැවැති තරගයේ දී ඔහු ගොදුරු වූ ආබාධ තත්ත්වය හේතුවෙන්.

එම තරගයේ චෙන්නායි ඉනිමේ 18 වන පන්දුවාරය සයිනි විසින් යොමු කළ අතර, එම පන්දුවාරයේ අවසන් පන්දුවට පිතිකරු එල්ල කළ පහරකින් අනතුරුව පන්දුව නතර කිරීමට තැත් කිරීමේ දී ඔහුගේ දකුණු අතෙහි මෙම ආබාධය ඇති වුණා.

කණ්ඩායමේ භෞත චිකිත්සකවරයා සදහන් කළේ ඔහුගේ ආබාධය සුව කර ගැනීම සදහා අඛණ්ඩව දැඩි අවධානයෙන් කටයුතු කරන බවයි.

“ඔහුට ක්‍රීඩා කළ හැක්කේ කවදාද කියලා මට හරියටම කියන්න බැහැ. නමුත් අපේක්ෂා කරනවා ඔහු ඊළග තරගයට ක්‍රීඩා කරයි කියලා” යනුවෙන් කණ්ඩායමේ භෞත චිකිත්සකවරයා කියා සිටියා.

ඔහු හෙට තරගයට ක්‍රීඩා නොකළහොත් බොහෝ විට උමේෂ් යාදෙව්ට කණ්ඩායමේ ස්ථානයක් හිමි විය හැකියි.

මේ අතර, ඉසුරු උදාන වෙනුවට පසුගියදා පැවැති තරගයට ක්‍රීඩා කළ මොයීන් අලී ද සැලකිය යුතු දක්ෂතාවයක් දැක්වීමට අපොහොසත් වූ නිසා ඔහුට ද කණ්ඩායමේ ස්ථානය අහිමි වීමේ අවධානමක් පවතිනවා.

එසේ වුවහොත් හෙට තරගය සදහා ක්‍රීඩා කිරීමට ඉසුරු උදානට යළි අවස්ථාවක් උදා වනු ඇති.

මොයීන් අලී පසුගියදා පැවැති තරගයේ දී පන්දුවාර 2ක් පමණක් යොමු කර ලකුණු 17ක් ලබා දුන් අතර, පිතිකරණයේ දී ද ලබා ගත්තේ එක් ලකුණක් පමණයි.

එමෙන්ම චෙන්නායි පිලට එරෙහිව පැවැති අදාළ තරගය සදහා ඉසුරු උදාන වෙනුවට මොයීන් අලී ක්‍රීඩා කරවීමට තීරණය කළේ තණතීරුවේ ස්වභාවය පිළිබද සැලකිල්ලට ගනිමින් බවයි බැංගලෝර් කණ්ඩායමේ නායක විරාට් කෝලි ද සදහන් කර තිබුණේ.

අයි.පී.එල් තරගාවලියේ දී එක් තරගයකදී කණ්ඩායමක් සදහා ක්‍රීඩා කළ හැකි උපරිම විදෙස් ක්‍රීඩකයින් ගණන සිව් දෙනෙකු වන බැවින් ඉසුරු උදානට කණ්ඩායමට පැමිණීමටනම් මොයීන් අලී කණ්ඩායමෙන් ඉවත් කිරීම අතිශය වැදගත් වනවා.

ඒ කණ්ඩායමේ අනෙක් ප්‍රධාන විදෙස් වේග පන්දු යවන්නා වන ක්‍රිස් මොරිස් මේ වන විට කණ්ඩායමේ ස්ථීර ස්ථානයක් හිමි කර ගෙන ඇති බැවින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...