LPL තරගාවලියේ ප්‍රවේශ පත්‍ර මිලදී ගන්නේ මෙහෙමයි

Date:

එළඹෙන 6 වැනිදා සිට ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීම අද(4) සිට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ප්‍රවේශ පත්‍ර කවුලු තුළින් අද සිට ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකියි.

එළඹෙන 6 වැනිදා සිට 8 වැනිදා දක්වා හම්බන්තොට පැවැත්වෙන තරගවලට අදාළ ප්‍රවේශ පත්‍ර එහිදී මිලදී ගත හැකි බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා වන කාලය තුළ දී ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීම සදහා ප්‍රේක්ෂකයින්ට අවස්ථාව හිමිවනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වෙබ් අඩවිය ඔස්සේ ද ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකියි.

රුපියල් 300, 500, 800, 2,500, 3,000, 7,000 හා 8,000 යන මිල ගණන් යටතේ ප්‍රවේශ පත්‍ර අලෙවි කෙරෙනවා.

ALSO READ : LPL තරග කාලසටහන

මහනුවර හා කොළඹ දී පැවැත්වෙන තරගවලට අදාළ ප්‍රවේශ පත්‍ර එම තරග ආරම්භයට දින තුනකට පෙර සිට අදාළ ක්‍රීඩාංගනවල දී අලෙවි කිරීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...