ලයන්ගේ කඩුලු හයත් සමග ඔස්ට්‍රේලියාවට පළමු ටෙස්ට් තරගයෙන් විශිෂ්ඨ ජයක්

Date:

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 164 ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද(4) සමත් වුණා.

පර්ත් හී දී පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 498 ක ඉලක්කයක් හඹා ගිය කොදෙව්වන්ට තරගයේ අවසන් දිනය වූ අද දිනයේ දී සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 333 ක් පමණයි.

නායක ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් ලකුණු 110 ක් රැස් කළා. රොස්ටන් චේස් ලකුණු 55 යි. පන්දු යැවීමේ දී නේදන් ලයන් ලකුණු 128 කට කඩුලු 6 ක් දවා ගැනීම කැපී පෙනුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව කඩුලු 4 ක් දැවී ලකුණු 598 ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළ අතර, පිළිතුරු ලෙස කොදෙව්වන් පළමු ඉනිමට රැස් කළේ ලකුණු 283 ක් පමණයි.

ඔස්ට්‍රේලියානු පළමු ඉනිම වෙනුවෙන් මර්නස් ලබුෂේන් (204) හා ස්ටීවන් ස්මිත් (200*) ද්විත්ව ශතක වාර්තා කිරීමට සමත් වුණා. ට්‍රැවිස් හෙඩ් ලකුණු 99 කට දැවී ගියා.

ඔස්ට්‍රේලියාව සිය දෙවැනි ඉනිම අත්හිට වූයේ කඩුලු 2 ක් දැවී ලකුණු 182 ක් ලබා සිටියදීයි. මර්නස් ලබුෂේන් නොදැවී ලකුණු 104 ක් ලබා ගැනීම කැපී පෙනුණා.

දෙරට අතර පැවැත්වීමට නියමිත දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය එළඹෙන 8 වැනිදා ඇඩිලේඩ්හී දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...