2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ නිල රූපවාහිනී විකාශන අයිතිය Star Sports මාධ්‍ය ජාලය විසින් හිමි කර ගෙන ඇති බව තරගාවලියේ සංවිධායකයින් අද(5) නිවේදනය කළා.
ඒ අනුව Star Sports මාධ්‍ය ජාලය විසින් තරගාවලිය ඉන්දියාව, ශ්‍රී ලංකාව, පාකිස්තානය, බංග්ලාදේශය, භූතානය, නේපාලය, මාලදිවයින හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඇතුළු මැද පෙරදිග සහ උතුරු අප්‍රිකා රටවල්වල සජීවීව විකාශය කිරීමට නියමිතයි.
ICC තරගාවලියන්හි මෙන්ම ඉන්දීය ප්‍රිමියර් ලීග්, ඉන්දීය සුපර් ලීග්, ප්‍රිමියර් ලීග් හා විම්බල්ඩන් වැනි ප්‍රධාන තරගාවලි රැසක විකාශන හිමිකරු වන්නේ Star Sports මාධ්‍ය ජාලයයි.
Colombo Strikers, Dambulla Aura, Galle Titans, Jaffna Kings හා B-Love Kandy යන කණ්ඩායම් 5 තරග වදින මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ජූලි 30 වැනිදා සිට අගෝස්තු 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.
- Also Read : LPL තරග කාලසටහන නිවේදනය කෙරේ
තරගාවලියේ සමාරම්භක තරගය පැවැත්වෙන්නේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම හා කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අතරයි. එම තරගය ජූලි 30 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිතයි.
මූලික වටයේ තරග 20 න් තරග 12 ක් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ද, තරග 8 ක් මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.
අවසන් මහා තරගය ඇතුළු අවසන් වටයේ සියලු තරග කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
අවසන් මහා තරගය අගෝස්තු 20 වැනිදා පැවැත්වීමට නියමිතව ඇති අතර, 21 වැනිදා අතිරේක දිනයක් ලෙස ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.
සංචිත 5 –
[wptb id=47200]

