LPL තරග කාලසටහන නිවේදනය කෙරේ

Date:

2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද(18) නිවේදනය කළා.

ජූලි 30 වැනිදා සිට අගෝස්තු 20 වැනිදා දක්වා තරගාවලිය පැවැත්වීමට නියමිත අතර, තරගාවලියේ සමාරම්භක තරගය ජැෆ්නා කිංග්ස් කණ්ඩායම හා කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි. එම තරගය ජූලි 30 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිතයි.

මූලික වටයේ දී එක් දිනකදී තරග දෙක බැගින් පැවැත්වෙන දින 8 ක් මෙම තරග කාලසටහනට ඇතුළත්.

මූලික වටයේ අවසන් තරගය අගෝස්තු 15 වැනිදා කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම හා ගෝල් ටයිටන්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

අවසන් වටයේ තරග අගෝස්තු 17 වැනිදා සිට ආරම්භ වනවා. ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන දෙක හිමි කර ගත් කණ්ඩායම් දෙක එදින පස්වරු 3.00 ට Qualifier 1 තරගය සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

අවසන් වටයේ දෙවැනි තරගය හෙවත් Eliminator තරගය එදින රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිතව ඇත්තේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි හා සිව්වැනි ස්ථාන දිනා ගත් කණ්ඩායම් දෙක අතරයි.

අගෝස්තු 19 වැනිදා අවසන් වටයේ තෙවැනි තරගය හෙවත් Qualifier 2 තරගය පැවැත්වීමට නියමිතයි. ඒ, Qualifier 1 තරගයෙන් පරාජයට පත් වූ කණ්ඩායම හා Eliminator තරගයෙන් ජය ගත් කණ්ඩායම අතරයි.

Qualifier 1 තරගය ජය ගත් කණ්ඩායම හා Qualifier 2 තරගය ජය ගත් කණ්ඩායම අතර අවසන් මහා තරගය අගෝස්තු 20 වැනිදා පැවැත්වීමට නියමිතව ඇති අතර, 21 වැනිදා අතිරේක දිනයක් ලෙස ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මූලික වටයේ තරග 20 න් තරග 12 ක් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ද, තරග 8 ක් මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ද පැවැත්වීමට නියමිතයි.

අවසන් මහා තරගය ඇතුළු අවසන් වටයේ සියලු තරග කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

තරග කාලසටහන –

SLC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...