LPL තරගාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහනට අනුව එහි පෙරමුණ ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්ව සිටිනවා.

ඔවුන් තරග 5කදී ජය ගෙන ඇති තරග සංඛ්‍යාව 4ක්.

ඒ අනුව කිංග්ස් කණ්ඩායමට ප්‍රසාද ලකුණු 8ක් හිමිව තිබෙනවා.

දෙවන ස්ථානයේ පසුවන දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම තරග 5ක් ක්‍රීඩා කර ඉන් ජය ගෙන ඇති තරග සංඛ්‍යාව 3ක්.

එක් තරගයක් වර්ෂාව හේතුවෙන් අතහැර දීමීමට සිදු වූ බැවින් ඔවුන්ට අමතර ප්‍රසාද ලකුණක් හිමිව තිබෙනවා.

ඒ අනුව ප්‍රසාද ලකුණු 7ක් දඹුල්ල කණ්ඩායමට හිමිව ඇති අතර, තරග 6කින් තරග 2ක් ජය ගෙන ඇති ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසුවනවා.

ඊයේ රාත්‍රියේ පැවැති තරගයෙන් ජය ගැනීමත් සමග කලම්බු ස්ටාර්ස් කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ 4 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා.

ප්‍රසාද ලකුණු සටහන –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...