මැතිව්ස්, චන්දිමාල්ගේ ප්‍රහාරය හා පන්දු යවන්නන්ගේ දක්ෂතා ස්ටාර්ස් පිලට විශිෂ්ඨ ජයක් ගෙනෙයි

Date:

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සිය දෙවැනි ජයග්‍රහනය වාර්තා කිරීමට කලම්බු ස්ටාර්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ, තරගාවලියේ 13 වැනි තරගයෙන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පරදා ලකුණු 41ක ජයක් වාර්තා කරමින්.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ ආරම්භයට වර්ෂාවෙන් බාධා එල්ල වූ බැවින් එක් ඉනිමක් පන්දුවාර 18කට සීමා කෙරුණා.

කාසියේ වාසිය දිනා ගත් ස්ටාර්ස් කණ්ඩායම තරගයේ පළමුව පන්දුවට පහරදුන් අතර, ඔවුන් නියමිත පන්දුවාර 18 අවසානය‍ේ කඩුලු 7ක් දැවී ලකුණු 162ක් ලබා ගත්තා.

ආබාධය සුව වීමෙන් පසුව මෙවර තරගාවලියේ දී පළමු වරට තරග බිමට පිවිසි නායක ඇන්ජෙලෝ මැතිව්ස්, ස්ටාර්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු ලෙස පිටියට පැමිණීම විශේෂත්වයක්.

ඔහු පන්දු 57කින් ලකුණු 73ක් රැස් කළා. ඒ, හයේ පහර 3ක් හා හතරේ පහර 8ක් සමගින්. එම ලකුණු සංඛ්‍යාව මෙවර තරගාවලියේ දී පිතිකරුවෙකු ඉනිමක වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාවයි.

අශාන් ප්‍රියන්ජන් ලකුණු 23ක් රැස් ලබා ගත්තා.

ඉනිමට සාර්ථක අවසානයක් ලබා දුන් දිනේෂ් චන්දිමාල් පන්දු 14කින් වේගවත් ලකුණු 36ක් ලබා ගත්තේ හයේ පහර 2ක් හා හතරේ පහර 4ක් සිය ඉනිමට ඇතුළත් කරමින්.

පන්දු යැවීමේ දී සමිත් පටෙල් හා ධනංජය ලක්ෂාන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගාලු කණ්ඩායමට පන්දුවාර 16.5ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 121ක් පමණයි.

කුසල් මෙන්ඩිස් ලකුණු 64ක් රැස් කලේ පන්දු 39ක් පමණක් වැය කරමින්. හයේ පහරක් හා හතරේ පහර 7ක් එම ඉනිමට ඇතුළත්.

සෙසු කිසිදු පිතිකරුවෙකුගෙන් ග්ලැඩියේටර්ස් ඉනිමට සාර්ථක දායකත්වයක් හිමි වූයේ නැහැ.

පන්දු යැවීමේ දී නවීන් උල් හක් කඩුලු 3ක් ද, රවී රාම්පෝල් හා සීක්කුගේ ප්‍රසන්න කඩුලු 2  බැගින් ද දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...