LPL තරගාවලියට පළමු වරට ඉන්දීය ජාතික ක්‍රීඩකයින් එක් වන ලකුණු ?

Date:

2025 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ හය වන අදියර සඳහා ඉන්දීය ක්‍රීඩකයින් ක්‍රීඩා කිරීමට නියමිතව ඇති බවට තොරතුරු වාර්තා වනවා.

LPL සංවිධායකයින් විසින් නිකුත් කළ නිවේදනයක මේ බව සදහන්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

එසේ වුවහොත් ඉන්දීය කණ්ඩායමේ දැනට ක්‍රීඩාකරන ක්‍රීඩකයින් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන පළමු අවස්ථාව මෙය වනු ඇති.

මීට පෙර LPL තරගාවලි සඳහා ඉන්දීය කණ්ඩායමට ක්‍රීඩා කළ, නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගෙන සිටි ක්‍රීඩයින් ක්‍රීඩා කර තිබුණා.

ඒ, ඉන්දීය ජාතික ක්‍රීඩකයින්ට IPL හැර වෙනත් විදෙස් ලීග් තරගාවලි සදහා ක්‍රීඩා කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අවසර ලබා නොදී තිබීම හේතුවෙන්.

2025 ‍ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය දෙසැම්බර් 1 වනදා ආරම්භ වීමට නියමිත අතර, එළැඹෙන විස්සයි 20 ලෝක කුසලානයට පෙරහුරුවක් ලෙස මෙම කාල සීමාවේදී තරගාවලිය පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

ලීග් තරග 20ක් සහ අවසන් වටයේ තරග 4 ක් ඇතුළුව සමස්ථ තරග 24 ක් තරගාවලියට ඇතුළත්.

කොළඹ ආර්. ප්‍රේමදාස, මහනුවර පල්ලෙකැලේ හා රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනවලදී තරග පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...