LPL තරගාවලියට ඉන්දීය ක්‍රීඩකයින් එන්නේ නැහැ – අලුත්ම පුවත මෙන්න

Date:

2025 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ඉන්දීය ජාතික ක්‍රීඩකයින් ක්‍රීඩා කරන බවට ඉන්දීය මාධ්‍ය ඊයේ වාර්තා කර තිබූ පුවත අසත්‍ය බවට ක්‍රිකට් ආරංචි මාර්ග උපුටා දක්වමින් අද දෙරණ වාර්තා කර තිබෙනවා.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා අපේක්ෂාවෙන් සිටින්නේ මෑතකදි ජාත්‍යන්තර පිටියෙන් විශ්‍රාම ගත් ඉන්දීය ක්‍රීඩකයින් බවයි අද දෙරණ වාර්තා කර ඇත්තේ.

මේ වන විට පවතින නීති අනුව ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින්ට අයි.පී.එල් හැර වෙනත් විදෙස් ලීග් තරගාවලි ක්‍රීඩා කිරීමට අවසර හිමි වන්නේ නැහැ.

ඒ අනුව මෑතකදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගත් ඉන්දීය ක්‍රීඩකයින් LPL තරගාවලියට එක්කර ගැනීම සදහා තරගාවලියේ සංවිධායකයින් අපේක්ෂාවෙන් සිටින බව සදහන්.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 6 වැනි අදියර දෙසැම්බර් පළමු වැනිදා සිට 23 වැනිදා පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...