LPL ගැන මෙරට ප්‍රේක්ෂකයින්ට ක්‍රීඩා ඇමතිගෙන් සුබ ආරංචියක්

Date:

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩාංගන වෙත ගොස් නැරඹීම සදහා ප්‍රේක්ෂකයින් සීමිත පිරිසකට අවසර හිමිව තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සදහන් කළේ ඒ සදහා සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය මේ වන විට හිමිව ඇති බවයි.

ක්‍රීඩා අමාත්‍යංශය සකස් කළ දැඩි මාර්ගෝපදේශ සලකා බැලීමෙන් පසුව ඊට අවසර හිමි වූ බව අමාත්‍යවරයා කියා සිටියා.

ප්‍රේක්ෂකයින්ගෙන් තොර වූ ක්‍රිකට් ක්‍රීඩාවක් නොමැති බවයි නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

LPL තරගාවලියේ දෙවැනි අදියර දෙසැම්බර් 5 වනදා සිට 23 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

පළමු තරගය ගාල්ල හා යාපනය කණ්ඩායම් අතර දෙසැම්බර් 5 වැනිදා පැවැත්වෙන්නේ රාත්‍රී 7.30ටයි.

තරග 20කින් යුත් පළමු වටයේ තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත අතර, අවසන් වටයේ තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

අවසන් තරගය දෙසැම්බර් 23 වනදා පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...