LPL ක්‍රීඩක වෙන්දේසිය 19 වැනිදා තෙක් කල් දැමේ

Date:

හෙට(9) දිනයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු (Player Draft) යළි කල් දැමූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට තහවුරු කර තිබෙනවා.

ඒ, රට තුළ යළිත් ඇතිව තිබෙන නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවධානම හේතුවෙන්.

ඒ අනුව ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු ලබන 19 වනදා සිදු කිරීමට තීරණය කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ එය සිදු කිරීමට නියමිතයි.

මීට පෙර ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු පසුගිය පළමු වැනිදා සිදු කිරීමට නියමිතව තිබූ නමුත්, පසුව එය හෙට දිනය දක්වා කල් දැමුණා.

එල්.පී.එල් තරගාවලිය ද නොවැම්බර් 14 වනදා ආරම්භ වීමට නියමිතව තිබුණ ද , එය ද නොවැම්බර් 21 වනදා දක්වා කල් දැමීමටයි තීරණය කෙරුණේ.

තරගාවලිය සදහා කණ්ඩායම් පහක් එක් වන අතර එක් කණ්ඩායමකට විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු වන පරිදි විදෙස් ක්‍රීඩකයින් 30 දෙනෙකු මිලදී ගැනීමේ හැකියාව පවතිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...