LPL ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Draft) අද

Date:

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියරට අදාළ ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Draft) හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු අද(9) සිදු කිරීමට නියමිතව තිබෙනවා.

මීට පෙර එය පසුගිය 5 වැනිදා සිදු කිරීමට නියමිතව තිබූ නමුත්, එය අද දින දක්වා කල් දැමීමට තරගාවලි සංවිධායකයින් තීරණය කළේ කණ්ඩායම් කිහිපයක හිමිකරුවන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

ක්‍රීඩක තෝරා ගැනීමේ අවස්ථාව සදහා විදෙස් ක්‍රීඩකයින් 300 දෙනෙකු හා දේශීය ක්‍රීඩකයින් 300 දෙනෙකු ඉදිරිපත් වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

මාර්ගගත ක්‍රමවේද ඔස්සේ එය පැවැත්වීමට නියමිත බවත්, එම අවස්ථාවට කණ්ඩායම් පහේ හිමිකරුවන් හා ශ්‍රී ලංකා ක්‍රිකට් බළධාරීන් එක් වන බවත් ක්‍රිකට් ආයතනය කියා සිටියා.

ක්‍රීඩක තෝරා ගැනීම වට 20කින් යුක්ත වන අතර, කාණ්ඩ කිහිපයක් යටතේ ක්‍රීඩකයින් තෝරා ගැනීම සිදු කළ යුතුයි.

Local Icon Player, Overseas Icon Player, Local Diamond Player, Overseas Diamond Player, Local Gold Player, Overseas Gold Player, Local Classic Player, Overseas Classic Player වැනි කාණ්ඩ ද ඊට අයත් අතර, Local Emerging හා Supplementary Local යනුවෙන් ද කාණ්ඩ දෙකක් මෙරට නවක ක්‍රීඩකයින් වෙනුවෙන් වෙන් කර තිබෙනවා.

සංචිතයක් සදහා ක්‍රීඩකයින් 20 දෙනෙකු ඇතුළත් වන අතර, ඊට විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු හා දේශීය ක්‍රීඩකයින් 14 දෙනෙකු ද ඇතුළත් විය යුතුයි.

අවශ්‍යනම් පසුගිය වසරේ අදාළ කණ්ඩායම්වලට ක්‍රීඩා කළ ක්‍රීඩකයින් 8 දෙනෙකු (දේශීය 4ක් හා විදේශීය 4ක්) ද සිය සංචිතයේ රදවා ගැනීමට අවසර ලබා දී තිබෙනවා.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර ලබන දෙසැම්බර් 5 වනදා සිට 23 වනදා දක්වා කොළඹ දී හා හම්බන්තොට දී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...