තිරිමාන්න කොදෙව් තරගාවලියට නැහැ

Date:

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්න ඉවත් වී තිබෙනවා.

පෞද්ගලික හේතුවක් මත තමාට එම තරගාවලියෙන් ඉවත් වීමට සිදු වන බවයි ඔහු සමාජ මාධ්‍ය වෙත සටහනක් තබමින් සදහන් කළේ.

කෙසේ වෙතත්, තමා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙන බවට පල වන වාර්තා අසත්‍ය බවත්, මේ වන විට තමා හොදින් දක්ෂතා අතර පසුවන බැවින් විශ්‍රාම ගැනීමේ අදහසක් නොමැති බවත් තිරිමාන්න පෙන්වා දුන්නා.

සිය බිරිද නව දරු උපතක් වෙනුවෙන් සූදානමින් පසුවන බැවින් තමා එළඹෙන කොදෙව් තරගාවලියෙන් ඉවත් වන බවයි තිරිමාන්න වැඩිදුරටත් කියා සිටියේ

කෙසේ වෙතත්, තමා ඉදිරියේ දී යළි ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සූදානමින් පසුවන බව ද ඔහු අවධාරණය කළා.

ශ්‍රී ලංකා – කොදෙව් පළමු ටෙස්ට් තරගය නොවැම්බර් 21 වනදා ද, දෙවැනි ටෙස්ට් තරගය නොවැම්බර් 29 වනදා ද ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...