LPL අතරතුර ජපාන ක්‍රීඩකයින්ට ශ්‍රී ලංකාවෙන් වටිනා අවස්ථාවක් – ගිවිසුමකටත් අත්සන් තැබේ

Date:

ජපාන ක්‍රිකට් සංගමය සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගිවිසුමක් අත්සන් තබා තිබෙනවා.

එරට ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීම සදහා අවශ්‍ය සහයෝගීතාවය ලබා දීමේ අරමුණ ඇතිව මෙම ගිවිසුම අත්සන් තැබූ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඒ අනුව මෙම ගිවිසුම යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනය උදෙසා  ක්‍රීඩකයින්, කණ්ඩායම්, පුහුණුකරුවන් හා තණතීරු භාරකරුවන් එරටට පිටත් කර හැරීමට කටයුතු කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් විස්සයි 20 තරග ක්‍රීඩා කිරීම සදහා එරටට කණ්ඩායම් පිටත් කර හැරීමට නියමිත අතර, ජපාන කණ්ඩායම් සදහා මෙරටට පැමිණ ක්‍රීඩා කිරීමට ද අවස්ථාව ලබා දෙනු ඇති.‍

එමෙන්ම ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම් සමග පුහුණුවීම සදහා ද ජපාන ක්‍රීඩකයින්ට අවස්ථාව ලබා දෙන බව ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක සදහන්.

මෙම කරුණු ඇතුළත් ගිවිසුුම (MOU) සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා හා ජපාන ක්‍රිකට් සංගමයේ ප්‍රධාන විධායක නිළධාරී Naoki Alex Miyaji අත්සන් තබනු ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...