6 වැනි වරටත් අශ්වින් ලෝකෙන්ම එක වෙයි

Date:

ඉන්දීය දග පන්දු යවන ක්‍රීඩක ආර් අශ්වින් අයි.සී.සී ශ්‍රේණිගත කිරීම් අනුව ටෙස්ට් පන්දු යවන්නන් අතර යළිත් පළමු ස්ථානයට පත්ව තිබෙනවා.

ඔහු එහි පළමු ස්ථානය හිමි කර ගත් 6 වැනි අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

එංගලන්තය සමග පැවැති 5 වැනි ටෙස්ට් තරගයේ දී කඩුලු 9ක් දවා ගනිමින් ඔහු දැක් වූ විශිෂ්ඨ දක්ෂතා හේතුවෙනුයි අශ්වින් යළිත් වරක් අයි.සී.සී ටෙස්ට් පන්දු යවන්නන් අතර පෙරමුණට පත්ව ඇත්තේ.

මේ අතර, නවසීලන්තයට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේ දී කඩුලු හයක් දවා ගත් ඔස්ට්‍රේලියාවේ ජොෂ් හේසල්වුඩ් සම දෙවැනි ස්ථානයට පත්ව සිටිනවා.

මෙතෙක් පළමු ස්ථානයේ පසු වූ ඉන්දියාවේ ජස්ප්‍රිට් බුම්රා ද මේ වන විට රැදී සිටින්නේ දෙවැනි ස්ථානයේයි.

ඉන්දීය දග පන්දු යවන ක්‍රීඩක කුල්දීප් යාදව් පන්දු යවන්නන් අතර ස්ථාන 15කින් ඉදිරියට පැමිණ ඇත්තේ 16 වැනි ස්ථානය දක්වායි.

මේ අතර, ටෙස්ට් පිතිකරුවන් අතර 6 වැනි ස්ථානය දක්වා ස්ථාන 5කින් ඉදිරියට පැමිණීමට ඉන්දීය නායක රෝහිත් ෂර්මා සමත්ව තිබෙනවා.

ඉන්දු-එංගලන්ත ටෙස්ට් තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබූ යශස්වි ජයිස්වාල් 8 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන දෙකකින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...