Lanka T10 Super League ක්රිකට් තරගාවලියේ ක්රීඩකයින් කෙටුම්පත් කිරීමේ කටයුතු (Draft) හෙවත් ක්රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු අද පස්වරුවේ දී කොළඹ දී පැවැත්වුණා.
දෙසැම්බර් 12 වැනිදා සිට 22 වැනිදා දක්වා කණ්ඩායම් හයකගේ සහභාගීත්වයෙන් තරගාවලිය පල්ලේකැලේ ක්රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත අතර, සෑම කණ්ඩායමකටම සිය සංචිතය සදහා අවම වශයෙන් ක්රීඩකයින් 15 දෙනෙකු තෝරා ගැනීමට අවස්ථාව හිමි වුණා.
ක්රීඩක කෙටුම්පත් කිරීමට පෙර සියලු කණ්ඩායම් වෙත ක්රීඩකයින් හය දෙනෙකු සමග සෘජුව ගිවිසුම්ගත වීමට ද අවස්ථාව ලබා දීමටයි තරගාවලියේ සංවිධායකයින් පියවර ගෙන තිබුණේ.
කෙටුම්පත් කිරීමේ දී තෝරා ගත් ක්රීඩකයින් –
[wpdatatable id=30]

