Lanka T10 : චන්දිමාල්ගේ ප්‍රහාරය අපතේ යයි – ෆ්ලෙචර්, බිනුරගේ දක්ෂතා හමුවේ මාර්වල්ස් පිලට ජය

Date:

ලංකා T10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙන් තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් Kandy Bolts කණ්ඩායම පරදා කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට මහීෂ් තීක්ෂණගේ නායකත්වයෙන් යුත් Galle Marvels කණ්ඩායම අද(11) සමත් වුණා.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් Bolts කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 100 ක් ලබා ගනිමින් නියමිත පන්දුවාර 10 නිමා කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Marvels කණ්ඩායම පන්දුවාර 7.4 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

Marvels හඹා යාම ශක්තිමත් කළ ඇලෙක්ස් හේල්ස් ලකුණු 23(9) ක්, ඇන්ඩ්‍රි ෆ්ලෙචර් නොදැවී ලකුණු 41(21) ක් හා ශකිබ් අල් හසාන් නොදැවී ලකුණු 20(8) ක් රැස් කළා. පන්දු යැවීමේ දී ඉමාඩ් වසීම් කඩුලු 2 ක් දවා ගත්තේ ලකුණු 21 ක් ලබා දෙමින්.

පළමුව පන්දුවට පහරදුන් Bolts ඉනිම වෙනුවෙන් සාර්ථක පිතිහරඹයක නිරත වූයේ දිනේෂ් චන්දිමාල් පමණයි. ඔහු පන්දු 25 කින් වේගවත් ලකුණු 66 ක් ලබා ගත්තේ හයේ පහර 5 ක් හා හතරේ පහර 7ක් සමගින්. පන්දු යැවීමේ දී බිනුර ප්‍රනාන්දු ලකුණු 9කට කඩුලු 3 ක් දවා ගත්තා.

© SLC

මේ අතර, තරගාවලියේ දෙවැනි තරගය Nuwara Eliya Kings කණ්ඩායම හා Colombo Jaguars කණ්ඩායම අතර පැවැති අතර, එය වර්ෂාව හේතුවෙන් ප්‍රතිඵලයකින් තොරවයි අද අවසන් කෙරුණේ.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් Kings කණ්ඩායම පන්දුවාර හයක් අවසානයේ කඩුල්ලක් දැවී ලකුණු 79 ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, අනතුරුව තරගය යළි ආරම්භ කිරීමට හැකි වූයේ නැහැ.

හෙට දිනයේදී ද ලංකා T10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ තවත් තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...