Lanka T10 : දසුන්ගේ ප්‍රහාරය අපතේ යවමින් කැඩ්මෝර් හා ට්‍රෙවීන් ටයිටන්ස් පිලට ජය ගෙනෙයි

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධාන කරන ලංකා T10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් Hambantota Bangla Tigers කණ්ඩායම පරදා කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට Jaffna Titans කණ්ඩායම අද(11) සමත් වුණා.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් Bangla Tigers කණ්ඩායමට පන්දුවාර 10 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 106 ක් පමණයි.

පිළිතුරු ලෙස Titans කණ්ඩායම පන්දුවාර 8.1 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

ටොම් කොහ්ලර්-කැඩ්මෝර් පන්දු 21 කින් ලකුණු 57 ක් නොදැවී රැස් කළේ හයේ පහර 4 ක් හා හතරේ පහර 6 ක් සමගින්. ටොම් ඇබෙල් පන්දු 19 කින් නොදැවී ලකුණු 33 ක් ලබා ගත්තා.

පළමුව පන්දුවට පහරදුන් Bangla Tigers කණ්ඩායම වෙනුවෙන් දසුන් ශානක පන්දු 17 කින් ලකුණූ 51 ක් ලබා ගත්තා. ඒ, හයේ පහර 5 ක් හා හතරේ පහර 4 ක් සමගින්.

© SLC

ඔවුන්ගේ දෙවැනි කඩුල්ල ලෙස දසුන් පන්දුවාර 5.2 ක් අවසානයේ දැවී යන විට ලකුණු පුවරුව සටහන්ව තිබුණේ 77 ක් ලෙසයි. කෙසේ වෙතත්, අනතුරුව Bangla Tigers ඉනිමේ කඩා වැටීමක් සිදු වූ අතර, ඒ හේතුවෙන් ඔවුන්ට සටන්කාමී ලකුණු පුවරුවක් නිර්මාණය කර ගැනීමට නොහැකි වුණා.

පන්දු යැවීමේ දී ට්‍රෙවීන් මැතිව් සිය පන්දුවාර දෙක තුළ දී ලකුණු 10 කට කඩුලු 4 ක් දවා ගැනීම කැපී පෙනුණා. තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේ ද ඔහුයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...