KJP – මෙන්ඩිස් T20 ගැටුම අද; ප්‍රවීන් කණ්ඩායම් දෙකටම

Date:

එංගලන්ත තරග සංචාරයට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් අද(18) සිය දෙවැනි පුහුණු තරගයට එක් වනවා.

පන්දුවාර 20 තරගයක් ලෙස එය මැන්චෙස්ටර්හි Old Trafford ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 10.30ට ආරම්භ වන අතර, පළමු පුහුණු තරගය (පන්දුවාර 50) පැවැති අයුරින්ම මෙම තරගය ද පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා සංචිතයේම ක්‍රීඩකයින් අතරයි.

එක් කණ්ඩායමක් කුසල් ජනිත් පෙරේරා විසින් ද, අනෙක් කණ්ඩායම කුසල් මෙන්ඩිස් විසින් ද මෙහෙය වනු ඇති.

ප්‍රවීන් ජයවික්‍රම කණ්ඩායම් දෙක සදහා ම ක්‍රීඩා කරන අතර, ආබාධයකට ලක් වූ ධනංජය ලක්ෂාන් මෙම තරගයට ද ක්‍රීඩා කරන්නේ නැහැ.

තරගය සදහා එක්වන කණ්ඩායම් දෙක පහතින් –

Team KJP –
Oshada Fernando, Pathum Nissanka, Kusal Perera, Dhananjaya De Silva, Wanindu Hasaranga, Ramesh Mendis, Chamika Karunaratne, Isuru Udana, Dushmantha Chameera, Shiran Fernando, Lakshan Sandakan

Team Mendis –
Danushka Gunathilaka, Avishka Fernando, Kusal Mendis, Niroshan Dickwella, Dasun Shanaka, Ishan Jayaratne, Charith Asalanka, Akila Dananjaya, Asitha Fernando, Binura Fernando, Nuwan Pradeep

*Praveen Jayawickrema – He will be available for both teams.

එංගලන්ත තරග සංචාරයේ දී ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර 20යි 20 තරග 3ක් සහ එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

20යි 20 තරගාවලිය ජූනි 23 වනදා කාර්ඩිෆ් හී දී ආරම්භ වීමට නියමිත අතර, එක්දින තරගාවලිය ජූනි 29 වනදා ඩර්හැම්හී දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...