කෙවින් ඕබ්‍රයන් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියට සමු දෙයි

Date:

අයර්ලන්ත තුන් ඉරියව් ක්‍රීඩක කෙවින් ඕබ්‍රයන් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා.

වසර 15ක කාලයක් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ රැදී සිටි ඔහු එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ වේගවත්ම ශතකය වාර්තා කළ පිතිකරුවා ලෙසයි ඉතිහාසගත වී ඇත්තේ.

2011 වසරේ දී එංගන්තයට එරෙහිව පන්දු 50කින් සිය ශතකය වාර්තා කරමින් ඔහු විසින් එම වාර්තාව පිහිටුවනු ලැබුවා.

එක්දින තරග 153කදී අයර්ලන්තය නියෝජනය කළ 37 හැවිරිදි ඕබ්‍රයන් එහිදී ලකුණු 3,618ක් වාර්තා කළේ අයර්ලන්තය වෙනුවෙන් එක්දින ක්‍රිකට් ඉතිහාසයේ තෙවන වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙමින්.

එමෙන්ම අයර්ලන්තය වෙනුවෙන් වැඩිම එක්දින කඩුලු සංඛ්‍යාවක් දවා ගත් පන්දු යවන්නා ද වන ඔහු බිද හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 114ක්.

එක්දින ජාත්‍යන්තර පිටියේ දී අයර්ලන්තය වෙනුවෙන් වැඩිම උඩ පන්දු සංඛ්‍යාවක් රැක ගත් ක්‍රීඩකයා වන්නේ ද ඔහුයි.(උඩ පන්දු 68ක්)

එක්දින පිටියෙන් සමු ගත්තද, කෙවින් ඕබ්‍රයන් තවදුරටත් ටෙස්ට් සහ 20යි 20 ජාත්‍යන්තර තරග සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...