​IPL 2024 : 40 වැනි තරගයෙන් පසු අලුත් වූ ප්‍රසාද ලකුණු සටහන

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග 40 ක් මේ වන විට පවත්වා අවසන්ව තිබෙනවා.

40 වැනි තරගය ඊයේ (24) රාත්‍රියේ දී දිල්ලි හී දී පැවැති අතර, එම තරගයෙන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පරදා ලකුණු හතරක තියුණු ජයක් වාර්තා කිරීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා.

පළමුව පන්දුවට පහරදුන් දිල්ලිය කඩුලු 4 ක් දැවී ලබා ගත් ලකුණු 224 ක ලකුණු සංඛ්‍යාව හඹා ගිය ටයිටන්ස් ක්‍රීඩකයින්ට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 220 ක් පමණයි.

මෙම ජයත් සමග ප්‍රසාද ලකුණු 8 ක් ලබා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 6 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති අතර, ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම 7 වැනි ස්ථානයේ රැදී සිටිනවා.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම තවදුරටත් සිය පළමු ස්ථානය ආරක්ෂා කර ගෙන සිටින අතර, කොල්කටා, හයිදරාබාද් හා ලක්නව් යන කණ්ඩායම් පිළිවෙලින් දෙවැනි, තෙවැනි හා සිව්වැනි ස්ථානවල පසුවනවා.

ප්‍රසාද ලකුණු සටහන –

[wpdatatable id=6]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...