රිස්වාන් හා ඉර්ෆාන් T20 සංචිතයෙන් ඉවත් කරයි

Date:

මොහමඩ් රිස්වාන් හා ඉර්ෆාන් ඛාන් නියාසිට නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත අවසන් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරග දෙක ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඔවුන් දෙදෙනාගේ වෛද්‍ය වාර්තා ලැබීමෙන් පසුව එම ක්‍රීඩකයින් දෙදෙනාව අවසන් තරග දෙකෙන් ඉවත් කර ගැනීමට කටයුතු කළ බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

දෙරට අතර පැවැති තෙවැනි විස්සයි 20 තරගයේ දී රිස්වාන් පිතිකරණයේ නිරතව සිටියදී පාදයක ආබාධයකට මුහුණ දුන් අතර, ඒ හේතුවෙන් ඔහුට ලකුණු 22 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වීමට සිදු වුණා.

ආබාධය හේතුවෙන් මොහමඩ් රිස්වාන්ට සතියක පමණ කාලයක් විවේක ගැනීමට සිදු වනු ඇති.

ඉර්ෆාන් ඛාන් ද පාදයක සුළු ආබාධයකට ලක්ව සිටින බැවින් ඔහුව තරගාවලියෙන් ඉවත් කර ඇති බව සදහන්.

මීට පෙර අසාම් ඛාන් ද ආබාධයකට ලක්වීම හේතුවෙන් මෙම තරගාවලියෙන් ඉවත් කෙරුණා. ඔහු වෙනුවට හසීබුල්ලාහ් සංචිතයට ආදේශ කෙරුණු නමුත්, රිස්වාන් හා ඉර්ෆාන් වෙනුවට වෙනත් ක්‍රීඩක ආදේශක කිරීමක් සිදු කළ බවට මෙතෙක් නිවේදනය කර නැහැ.

දෙරට අතර පැවැත්වෙන සිව්වැනි විස්සයි 20 තරගය අද ලාහෝර් හී දී පැවැත්වීමට නියමිතයි. මේ වන විට තරග 1-1 ක් ලෙස කණ්ඩායම් දෙකම තරගාවලියේ සම මට්ටමේ පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...