IPL 2022 : වනිදුට වැඩිම කඩුලුලාභියාගේ කිරුළ අහිමි වෙයි

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණ හිමි කර ගනිමින් තරගාවලිය අවසන් කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක යුස්වේන්ද්‍ර චෙහල් අද(29) සමත් වුණා.

ඒ, ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව අද රාත්‍රියේ දී ආරම්භ වූ මෙවර තරග වාරයේ අවසන් මහා තරගයේ දී යි.

එහිදී ගුජරාට් කණ්ඩායමේ නායක හර්ඩික් පාන්ඩ්යාගේ කඩුල්ල දවා ගැනීමට චෙහල් සමත් වීමත් සමගයි ඔහු මෙවර තරගාවලියේ වැඩිම කඩුලුලාභියා බවට පත් වුණේ.

අවසන් මහා තරගයේ දී චෙහල් පන්දුවාර 4 තුළ ලකුණු 20කට එක් කඩුල්ලක් බිද හෙලුවා.

මීට පෙර තරගාවලියේ වැඩිම කඩුලුලාභියා බවට පත්ව සිටියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ වනිදු හසරංගයි.

ඔහු තරග 16 කට ක්‍රීඩා කර බිද හෙළා තිබූ කඩුලු සංඛ්‍යාව 26ක්.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ යුස්වේන්ද්‍ර චෙහල් මෙවර තරගාවලිය අවසන් කළේ තරඟ 17කදී කඩුලු 27ක් බිඳ හෙළමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...