නුවනිදුගේ සුපිරි ශතකය හා රන්සිකගේ කඩුලු 4 ශ්‍රී ලංකා නැගී එන පිලට සුපිරි ජයක් ගෙනෙයි

Date:

නුවනිදු ප්‍රනාන්දු වාර්තා කළ සුපිරි ශතකය හේතුවෙන් සිය බ්‍රිතාන්‍ය තරග සංචාරය යටතේ Gloucestershire කණ්ඩායම සමග පැවැති පන්දුවාර 20යි 20 තරගයෙන් ලකුණු 67ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් මෙම තරග සංචාරයේ පළමු ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අද(29) සමත් වුණා.

බ්‍රිස්ටල්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ නැගී එන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 205ක් ලබා ගත්තා.

නුවනිදු ප්‍රනාන්දු පන්දු 67ක් පමණක් වැය කරමින් නොදැවී වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 126ක්. ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් හා හතරේ පහර 14ක් ඇතුළත්.

නිපුන් ධනංජය ලකුණු 31ක් ද, නිශාන් මදුෂ්ක ලකුණු 20ක් ද රැස් කළා. නායක ධනංජය ලක්ෂාන් ලකුණු 14යි.

පන්දු යැවීමේ දී Josh Shaw හා Luke Charlesworth කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Gloucestershire කණ්ඩායම පන්දුවාර 16.3ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 138ක් පමණයි.

Ben Wells ලකුණු 42කට දුවද්දී දැවී ගිය අතර, Oliver Price ලකුණු 33ක් ද, Tom Price ලකුණු 25ක් ද ලබා ගත්තා.

පන්දු යැවීමේ නිපුන් රන්සික ලකුණු 11කට කඩුලු 4ක් දවා ගත්තේ පන්දුවාර 2.3ක් පමණක් යොමු කරමින්.

ධනංජය ලක්ෂාන් කඩුලු 2ක් ද, දුනිත් වෙල්ලාලගේ, දිලුම් සුදීර හා නිපුන් මාලිංග එක් කඩුල්ල බැගින් ද බිද හෙලුවා.

මෙම තරගයත් සමගින් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ බ්‍රිතාන්‍ය තරග සංචාරය අවසන් වුණා.

සංචාරය යටතේ පැවැති සිව්දින තරග තුනම ජය පරාජයෙන් තොරව නිමා වූ අතර, පළමු 20යි 20 තරග දෙකෙන් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම පරාජයට පත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...