IPL 2022 : අවසන් වටයේ තරග කාලසටහන නිවේදනය කෙරේ

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ (playoffs) තරග කොල්කටා හී දී සහ අහ්මදාබාද් හී දී පැවැත්වීමට නියමිත බව ඉන්දීය ක්‍රිකට් ආයතනය අද(3) තහවුරු කළා.

ඒ අනුව මෙවර තරග වාරයේ අවසන් මහා තරගය ගුජරාට් ප්‍රාන්තයේ අහ්මදාබාද් නගරයේ නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේදී මැයි 29 වනදා පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

අවසන් වටයේ පළමු තරගය (Qualifier 1) සහ දෙවන තරගය (Eliminator) කොල්කටාහි ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

මැයි 24 වනදා සහ මැයි 25 වනදා එම තරග පැවැත්වෙන බව ඉන්දීය ක්‍රිකට් ආයතනය සදහන් කළා.

අවසන් වටයේ තෙවන තරඟය (Qualifier 2) සහ අවසන් මහා තරගය මැයි 27 වනදා හා මැයි 29 වනදා අහ්මදාබාද් හී දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

  • 24-May-22 : Qualifier 1 – Team 1 vs Team 2 – Kolkata
  • 25-May-22 : Eliminator – Team 3 vs Team 4 – Kolkata
  • 27-May-22 : Qualifier 2 – Winner of Eliminator vs Loser of Qualifier 1 – Ahmedabad
  • 29-May-22 : Final – Winner of Qualifier 1 vs Winner of Qualifier 2 – Ahmedabad

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...