IPL හා CPL සහයෝගයෙන් පැවැත්වීමට කොදෙව්වන් හා ඉන්දියාව අතර එකගතාවයක්

Date:

මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් (සී.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ දින සංශෝදනය කිරීම සදහා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ, ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) තරගාවලියේ ඉතිරි තරග සහ සී.පී.එල් තරගාවලිය කිසිදු ඝට්ඨනයක් ඇති නොවන පරිදි පැවැත්වීමට දෙරටේ ක්‍රිකට් බළධාරීන් එකගතාවයකට එළඹෙමින්.

ඒ අනුව සැප්තැම්බර් 14 වනදායි පසුව ඉන්දීය ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර තරග තාවකාලිකව අවසන් වීමත් සමග අයි.පී.එල් තරගාවලිය ගැටලුවකින් තොරව පැවැත්වීමට හැකි වන පරිදි ඉන්දියාවේ ඉල්ලීම මත කොදෙව් ක්‍රිකට් ආයතනය විසින් සී.පී.එල් තරගාවලියේ දින සංශෝදනය කරනු ඇති.

බොහෝ විට සී.පී.එල් තරගාවලිය අගෝස්තු 25 හෝ 26 සිට සැප්තැම්බර් 15 පමණ දක්වා පැවැත්වීම සදහා කටයුතු කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මීට පෙර තරග 33කින් යුත් සී.පී.එල් තරගාවලිය අගෝස්තු 28 වනදා සිට සැප්තැම්බර් 19 වනදා දක්වා ශාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස් හී දී පැවැත්වීමට නියමිතව තිබුණා.

කොරෝනා වසංගතය හේතුවෙන් අතරමගදී අත්හිටුවීමට කටයුතු කෙරුණු අයි.පී.එල් තරගාවලියේ ඉතිරි තරග සැප්තැම්බර් 18 හෝ 19 වැනි දිනයකදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ කිරීමට ඉඩ තිබෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අවසන් වීමට නියමිතව ඇත්තේ අගෝස්තු 24 වනදායි.

එම තරගය අවසන් වී දිනක් ඇතුළත ඊට සම්බන්ධ ක්‍රීඩකයින් සී.පී.එල් තරගාවලියට යොමු කර ගැනීමේ අභියෝගයට ද මෙහිදී කොදෙව් ක්‍රිකට් ආයතනය මුහුණ දී තිබෙනවා.

ඒ අනුව ජාතික කණ්ඩායම රැදී සිටින ජෛව ආරක්ෂිත බුබුලෙන් ටෙස්ට් සංචිතයේ ක්‍රීඩකයින් සෘජුවම සී.පී.එල් තරගාවලියේ කණ්ඩායම් සදහා වන බුබුලු තුළට හුවමාරු කිරීම සිදු කරනු ඇති.

එහිදී අදාළ ක්‍රීඩකයින් සී.පී.එල් තරගාවලියට පෙර නිරෝධායනයකට ලක් කිරීමට අවශ්‍යවන්නේ නැහැ.

එංගලන්තයේ පැවැත්වීමට නියමිත “ද හන්ඩ්‍රඩ්” හෙවත් පන්දු සියයේ තරගාවලිය අගෝස්තු 21 වනදා අවසන් වීමට නියමිතව ඇති අතර, ඊට සම්බන්ධ වන සී.පී.එල් තරගාවලියට ක්‍රීඩා කරන ක්‍රීඩකයින්ට ද කොදෙව් දේශයට පැමිණීමේ දී නිරෝධායන ක්‍රියාවලියේ දී සහනයක් ලැබීමට නියමිතයි.

එනම් අදාළ ක්‍රීඩකයින් ද බුබුලකින් (ද හන්ඩ්‍රඩ් බුබුලෙන්) අනෙක් බුබුල (සී.පී.එල් බුබුල) වෙත හුවමාරු කිරීමේ ක්‍රියාවලිය සිදු කරනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...