වෙර්මා මංගල ශතකය අභියස දැවී යාමත් සමග එංගලන්තය යළි තරගයට අවතිර්ණ වෙයි

Date:

සංචාරක ඉන්දීය කාන්තා කණ්ඩායම සහ එංගලන්ත කාන්තා කණ්ඩායම අතර බ්‍රිස්ටල්හි පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි(18). දෙවන දිනට(17) තරගය නතර කරන විට තරගයේ වැඩි ගෞරව එංගලන්ත කණ්ඩායම හිමි කර ගත්තේ ඉන්දීය ආරම්භක පිතිකාරිණියන්ගේ ලකුණු 167ක සුවිශේෂී සබදතාවය ද අභිබවා යමින්.

ඉන්දීය පළමු ඉනිම වෙනුවෙන් එවැනි විශිෂ්ඨ ආරම්භක කඩුල්ලේ සබදතාවයක් ගොඩ නැගීමට ස්ම්රිටි මන්ධනා සහ ෂෆාලි වෙර්මා සමත් වූ නමුත්, දිනය අවසන් වුණේ ඔවුන්ගේ පළමු ඉනිම කඩුලු 5කට ලකුණු 187ක් ලෙස සටහන්ව තිබියදීයි.

17 හැවිරිදි වෙර්මා සිය මංගල ජාත්‍යන්තර ශතකය අභියසදී දැවී ගියේ පන්දු 152කින් ලකුණු 96ක් ලබා සිටියදීයි. ඇයගේ ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 13ක් ඇතුළත්. මන්ධනා ලකුණු 78කට දැවී ගියා.(4×14)

අනතුරුව Punam Raut ලකුණු දෙකකටත්, Shikha Pandey ලකුණු නොලබාත්, නායිකා මිතාලි රාජ් ලකුණු දෙකකටත් දැවී ගියා. හර්මන්ප්‍රීට් කොවුර් නොදැවී ලකුණු 4යි.

පන්දු යැවීමේ දී හෙදර් නයිට් කඩුලු 2ක් බිද හෙලුවේ පන්දුවාර 6කදී එක් ලකුණක් පමණක් ලබා දෙමින්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත ක්‍රීඩිකාවන් සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 9ක් දැවී ලකුණු 396ක් ලබා සිටියදීයි. හෙදර් නයිට් ලකුණු 95ක්, Sophia Dunkley නොදැවී ලකුණු 74ක් සහ Tammy Beaumont ලකුණු 66ක් රැස් කළා.

පන්දු යැවීමේ දී Sneh Rana කඩුලු 4ක් සහ දීප්ටි ෂර්මා කඩුලු 3ක් බිද හෙලුවා.

ඒ අනුව ඉන්දියාව මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 209ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...