IPL සමග ගැටෙන PSL තරගාවලියේ තරග කාලසටහන නිවේදනය කෙරේ

Date:

10 වැනි පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන නිවේදනය කර තිබෙනවා.

පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළේ 2025 තරගාවලිය අප්‍රේල් 11 වැනිදා සිට මැයි 18 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇති බවයි.

කණ්ඩායම් හයක් ක්‍රීඩා කරන තරගාවලියට තරග 34 ක් ඇතුළත්. තරග රාවල්පින්ඩි, කරච්චි, මුල්තාන් හා ලාහෝර්හීදී පැවැත්වීමට නියමිතයි.

පළමු තරගය අප්‍රේල් 11 වැනිදා පැවැත්වෙන්නේ වත්මන් ශූර ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායම හා දෙවරක් PSL ශූරතාවය දිනූ ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායම් අතරයි.

මෙම වසරේ සිට පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය අප්‍රේල් හා මැයි මාසවලදී පැවැත්වීමට නියමිතව ඇති අතර, ඒ අනුව එය IPL තරගාවලියේ තරග කාලසටහන සමග ද ඝට්ටනයකට ලක්වනවා.

මේ අතර, කණ්ඩායම් හයක් සමග පැවැත්වෙන අවසන් PSL තරගාවලිය වන්නේ ද මෙවර තරගාවලියයි. 2026 අදියරේ සිට තරගාවලියට කණ්ඩායම් 8 ක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...