Bella James හට ශ්‍රී ලංකා එක්දින තරගාවලිය අහිමි වෙයි

Date:

ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව නවසීලන්ත ක්‍රීඩිකා Bella James හට අහිමි වී තිබෙනවා.

ඒ, ඇයගේ දකුණු පාදයේ සිදුව ඇති ආබාධයක් හේතුවෙන්. නවසීලන්ත දේශිය කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලිය වන Hallyburton Johnstone Shield තරගාවලිය යටතේ පැවැති Otago හා Central Districts කණ්ඩායම් අතර තරගයේදීයි ඇය මෙම ආබාධයට මුහුණ දුන්නේ.

ආබාධයෙන් සම්පූර්ණයෙන්ම සුවය ලැබීම සදහා ඇයට සති තුනත් – හයත් අතර කාලයක් ගත වනු ඇති බවට අපේක්ෂා කෙරෙනවා.

ඇය වෙනුවට සංචිතයට ආදේශ කර ඇත්තේ Lauren Down. ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි 20 තරගාවලිය සදහා Bella James හට ක්‍රීඩා කිරීමට හැකි වේදැයි ඉදිරියේදී තීරණය කරනු ඇති.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය මාර්තු 4 (Napier), 7 (Nelson) හා 9 (Nelson) යන දිනවලදී ද, විස්සයි 20 තරගාවලිය මාර්තු 14(Christchurch), 16 (Christchurch) හා 18 (Dunedin) යන දිනවලදී ද පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...