“IPL ශ්‍රී ලංකාවේ පැවැත්වීමයි එකම විසදුම – සැප්තැම්බර් මාසය සුදුසුයි” – ගවස්කාර්

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවේ පැවැත්විය හැකි බව හිටපු ඉන්දීය ක්‍රිකට් නායක සහ ප්‍රවීන ක්‍රිකට් විස්තර විචාරක සුනිල් ගවස්කාර් පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ පවතින තත්ත්වය අනුව ඔක්තෝම්බර් මාසයේ දී පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමේ වැඩි හැකියාවක් පවතින බවයි.

ක්‍රීඩාංගනවල 25%ක ප්‍රේක්ෂක පිරිසකට තරග නැරඹීම සදහා අවසර ලබා දීමට මේ වන විට ඔස්ට්‍රේලියානු රජය පියවර ගෙන තිබෙනවා.

“ඔස්ට්‍රේලියානු රජයේ නිවේදනයත් සමග මෙවර 20යි 20 ලෝක කුසලානය ඔක්තෝම්බර් මාසයේ දී පැවැත්වීමේ වැඩි හැකියාවක් පවතිනවා. දින 14ක නීරෝධායන ක්‍රියාවලියකට සහ දින 7ක පුහුණු තරග සදහා සහභාගී වෙන්න අවශ්‍ය නිසා කණ්ඩායම්වලට සති 3කට කලින් ඔස්ට්‍රේලියාවට එන්න සිදු වේවි. ”

යනුවෙන් සුනිල් ගවස්කාර් සදහන් කළා.

“අයි.සී.සීය විශ්වාස කරනවානම් 20යි 20 ලෝක කුසලානය පවත්වන්න පුලුවන් කියලා, අයි.පී.එල් තරගාවලිය පවත්වන්න අමාරු වෙනවා. මොකද ඒක තියන්න වෙන්නේ ලෝක කුසලානය කල් දානවනම් විතරයි. නමුත් ඔස්ට්‍රේලියානු රජය නිකුත් කළ නිවේදනයත් සමග අයි.පී.එල් තරගාවලිය ඔක්තෝම්බර් මාසයේ පවත්වන්න අමාරු වෙනවා.”

කෙසේ වෙතත්, අයි.පී.එල් තරගාවලිය සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවේ දී හෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්විය හැකි බවටයි ඔහු විශ්වාසය පල කරන්නේ.

​”මෝසම් වැසි නිසා සැප්තැම්බර් මාසයේ දී ඉන්දියාවේ අයි.පී.එල් තරගාවලිය ක්‍රීඩා කරන්න බැහැ. නමුත් සැප්තැම්බර් මුල ශ්‍රී ලංකාවේ පවත්වන්න පුලුවන් වේවි. සෑම කණ්ඩායමක්ම අනෙක් සියලු කණ්ඩායම් සමග දෙවරක් වෙනුවට එක් වතාවක් පමණක් ක්‍රීඩා කිරීම සුදුසුයි.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...