IPL වෙන්දේසියේ දින එළියට ; හයිදරාබාද් කණ්ඩායමෙන් වෙනස්කම් රැසක්

Date:

එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය පවත්වන දින මේ වන විට තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

තරගාවලියේ සංවිධායකයින් එය මෙතෙක් නිල වශයෙන් නිවේදනය කර නැතත්, ක්‍රීඩක වෙන්දේසිය පෙබරවාරි 12 හා 13 යන දිනවලදී බැංගලෝර් නුවර දී පැවැත්වීමට නියමිතව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මේ අතර, සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු හා උපාය මාර්ගික උපදේශක ලෙස බටහිර ඉන්දීය කොදෙව් හිටපු ක්‍රිකට් නායකයෙකු වන බ්‍රයන් ලාරා පත් කර තිබෙනවා.

හිටපු ඉන්දීය ක්‍රීඩකයෙකු වන හේමන්ග් බදානි කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙසයි පත් කර ඇත්තේ.

දකුණු අප්‍රිකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන් පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...