හර්බජාන් සිං ක්‍රිකට් පිටියට සමු දෙයි

Date:

ඉන්දීය දග පන්දු යවන ක්‍රීඩක හර්බජාන් සිං ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

41 හැවිරිදි ඔහු ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 103 කදී කඩුලු 417ක් ද, එක්දින තරග 236 කදී කඩුලු 269ක් ද, 20යි 20 ජාත්‍යන්තර තරග 28කදී කඩුලු 25ක් ද දවා ගැනීමට සමත් වුණා.

1998 වසරේ දී ජාත්‍යන්තර පිටියට පිවිසි හර්බජාන් සිං අවසන් වරට ඉන්දියාව නියෝජනය කර තිබුණේ 2016 වසරේ දී යි.

කෙසේ වෙතත්, ඔහු නිමා වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියෝජනය කළා.

අයි.පී.එල් තරග 163කදී හර්බජාන් බිද හෙලා ඇති කඩුලු ගණන 150ක්.

2003 වසරේ එක්දින ලෝක අනුශූරතාවය දිනූ ඉන්දීය කණ්ඩායමේ මෙන්ම 2011 ලෝක ශූරතාවය දිනූ ඉන්දීය කණ්ඩායමේ ද සාමාජිකයෙකු වූ හර්බජාන් සිං 2007 වසරේ දී 20යි 20 ලෝක ශූරතාවය දිනා ගත් ඉන්දීය සංචිතය ද නියෝජනය කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...