IPL බුබුලට යළිත් කොරෝනා රිංගයි

Date:

සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ටී.නටරාජන්ට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

ඒ අනුව ඔහුව මේ වන විට හුදෙකලා කිරීමකට ලක් කර ඇති බවයි අයි.පී.එල් සංවිධායකයින් නිවේදනය කළේ.

ඔහුගේ සමීප ආශ්‍රිතයින් 6 දෙනෙකු ද නිරෝධායනයට ලක් කිරීමට මේ වන විට පියවර ගෙන තිබෙනවා.

නිරෝධායනයට ලක් කෙරුණු පිරිස අතර සන්රයිසස් ක්‍රීඩක විජයි ශන්කර් ද සිටිනවා.

නිරෝධායනයට ලක් කර ඇති සෙසු පිරිස –

  • Vijay Kumar – Team Manager
  • Shyam Sundar J – Physiotherapist
  • Anjana Vannan – Doctor
  • Tushar Khedkar – Logistics Manager
  • Periyasamy Ganesan – Net Bowler

සමීප ආශ්‍රිතයින් ඇතුළු සෙසු සියලු සාමාජිකයින් අද එරට වේලාවෙන් අලුයම 5ට යළිත් PCR පරීක්ෂණයකට මුහුණ දී තිබුණා.

එහි ප්‍රතිපල අනුව වෙනත් කිසිදු සාමාජිකයෙකු කොවිඩ් 19 ආසාදනය වී නොමැති බවටයි අනාවරණය වී ඇත්තේ.

ඒ අනුව අද පැවැත්වීමට නියමිත සන්රයිසස් හයිදරාබාද් හා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම් අතර තරගය නියමිත පරිදි ඩුබායි හී දී පැවැත්වීමට නියමිතයි.

මෙවර තරගාවලිය පසුගිය මැයි මාසයේ දී ද අතරමගදී අත්හිටුවීමට සිදු වූයේ අයි.පී.එල් තරගාවලියට අදාළ ජෛව ආරක්ෂිත බුබුලු තුළින් කොවිඩ් 19 ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන්.

ඒ වන විට තරග 29ක් පවත්වා තිබූ අතර, ඉතිරි තරග යළි ආරම්භ කෙරුණේ පසුගිය 19 වනදායි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...