IPL නිසා CPL දින නිල වශයෙන් මාරු වෙයි

Date:

මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් (CPL) ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 26 වනදා ආරම්භ වන බව තරගාවලියේ සංවිධායකයින් අද(14) තහවුරු කළා.

ඒ අනුව තරගාවලිය අගෝස්තු 26 වනදා සිට සැප්තැම්බර් 15 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

මීට පෙර තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබුණේ අගෝස්තු 28 වනදා සිට සැප්තැම්බර් 19 වනදා දක්වායි.

කොරෝනා වසංගතය හේතුවෙන් අතරමගදී අත්හිටුවීමට කටයුතු කෙරුණු ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) තරගාවලියේ ඉතිරි තරග ද සැප්තැම්බර් 18 හෝ 19 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ කිරීමටයි අවධානය යොමුව ඇත්තේ.

අයි.පී.එල් තරගාවලියේ ඉතිරි තරග සහ මෙවර සී.පී.එල් තරගාවලිය කිසිදු ඝට්ඨනයක් ඇති නොවන පරිදි පැවැත්වීමට දෙරටේ ක්‍රිකට් බළධාරීන් මීට පෙර එකගතාවයකට එළඹුණු අතර, ඒ අනුවයි සී.පී.එල් තරගාවලියේ තරග කාලසටහන සංශෝදනය කිරීමට පියවර ගැණුනේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...