ඉන්දීය තරගාවලිය අභියස ශ්‍රී ලංකාවට ආබාධ ප්‍රශ්නයක්

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට එළඹෙන ඉන්දීය තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වීමේ අවධානමක් මතුව තිබෙනවා.

ඒ, එංගලන්ත තරග සංචාරයේ දී ඔහු මුහුණ දුන් උරහිසක ආබාධය මෙතෙක් සුව නොවීම හේතුවෙන්.

මේ වන විට ඔහු අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගනිමින් සිටින බවත්, ඊයේ සහ අද(14) දිනයේ දී පුහුණුවීම් සදහා ද කුසල් ජනිත් එක් නොවූ බවත් සදහන්.

ඉන්දීය තරගාවලිය සදහා ඔහුට ක්‍රීඩා කළ හැකිදැයි හෙට(15) දිනයේ දී අවසන් තීරණයක් ගනු ඇති බවට ද වාර්තා වන නමුත්, බොහෝ විට ඔහුට අදාළ තරගාවලිය අහිමි වනු ඇති බවයි වාර්තා වන්නේ.

නිමා වූ බංග්ලාදේශ හා එංගලන්ත තරගාවලියන්හී දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ද කුසල් ජනිත් විසින් දරනු ලැබූ නමුත්, ඉන්දීය තරගාවලිය සදහා කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට පිරිනැමීමටයි තීරණය කර ඇත්තේ.

මේ අතර, නිරෝධායන කාලය ගත කිරීමෙන් පසුව කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් හා වේග පන්දු පුහුණුකරු චමින්ද වාස් අද දිනයේ දී කණ්ඩායමේ පුහුණුවීම් සදහා සහභාගී වී තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...