IPL නිසා සෑම් කරන්ට ලෝක කුසලානය අහිමි වෙයි; ආදේශක ක්‍රීඩකයාත් නම් කෙරේ

Date:

එංගලන්ත වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක සෑම් කරන්ට මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුර දී ආබාධයකට ලක් වීම හේතුවෙන්.

අයි.පී.එල් තරගාවලියේ දී ඔහු චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කළ අතර, පසුගිය සෙනසුරාදා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමග පැවැති තරගයෙන් පසුව ඔහු පිට කොන්දේ ආබාධයකට ලක්ව ඇති බව එංගලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

ඒ අනුව වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සිදු කිරීමෙන් පසුව තීරණය කර ඇත්තේ ඔහුව ඉදිරි දින දෙක තුළ දී යළි එංගලන්තය බලා පිටත් කර හැරීමටයි.

අනතුරුව එංගලන්ත ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය කණ්ඩායම විසින් ඔහුව වැඩිදුරටත් පරීක්ෂාවට ලක් කිරීමට නියමිතයි.

ඔහු වෙනුවට ඔහුගේ සහෝදරයා වන ටොම් කරන් පන්දුවාර 20යි 20 ලෝක කුසලානය සදහා වන එංගලන්ත සංචිතයට නම් කර තිබෙනවා.

ඊට අමතරව අතිරේක ක්‍රීඩකයෙකු ලෙස රීස් ටොප්ලි (Reece Topley) ද එංගලන්ත සංචිතය සමග එක්වන බව එරට ක්‍රිකට් ආයතනය සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...